Drive logo

Drive හි ගබඩා විශේෂාංග ගවේෂණය කරන්න

ඔබේ දේවල්, ඔබේ ක්‍රමයට - Drive විශේෂාංග

 

ඔබේ ගබඩාව Drive, Gmail සහ Google ඡායාරූප සමග ක්‍රියා කරයි, එනිසා ඔබට Drive වෙත සෘජුවම ගොනු ගබඩා කිරීමට, ඊ-තැපැල් ඇණවුම් සුරැකීමට, සහ ඡායාරූප උපස්ථ කිරීමට හැකිය. ඔබට අවශ්‍ය පරිදි වඩා විශාල ක්ලුඩ් ගබඩා සැලසුමක් මිලදී ගැනීමද කළ හැකිය.

ගාස්තු රහිත Google Drive ගබඩාවෙන් 15GB ලාංඡනය

ඡායාරූප, වීඩියෝ, ඉදිරිපත් කිරීම්, PDF – එසේම Microsoft Office ගොනු පවා. එය කුමන වර්ගයේ ගොනුවක් වුවත්, සියල්ල Drive හි ආරක්ෂිතව ගබඩා කළ හැකිය.

රූප, ලේඛන, සහ සංගීත ඇතුළු Google Drive ගොනු වර්ග ලැයිස්තුව

Drive යෙදුම තුළ ඇති ගොනු, ඔබ ඒවා බෙදා ගැනීමට තීරණය කරන තෙක් පුද්ගලිකය. ඔබ තෝරන ඕනෑම ගොනුවක් හෝ ෆෝල්ඩරයක්, බැලීමට, අදහස් දැක්වීමට, හෝ සංස්කරණය කිරීමට, ඔබට ඉක්මනින් අන්‍යයන්ට ආරාධනා කළ හැකිය. එය සබැඳි සහයෝගීතාව පහසු කිරීමකි.

Google Drive රහස්‍යතාව සහ බෙදා ගැනීමේ විකල්ප

ඔබගේ ගොනු ආරක්ෂාව ඉතා වැදගත් වේ. Drive තුළ ඇති සෑම ගොනුවක්ම ඔබගේ ස්මාර්ට්ෆෝන්, ටැබ්ලට් පරිගණකය හෝ පරිගණකයට කුමක් සිදු වුවත් ආරක්ෂාකාරීව තිබෙන්නේ ඒ නිසයි. SSL භාවිතයෙන් Drive සංකේතනය කරන අතර, Gmail හා වෙනත් Google සේවා සඳහා වන එම ආරක්ෂක ප්‍රොටොකෝලයම භාවිත වේ.

Google Drive ආරක්ෂක අගුල

Google සමග ක්‍රියා කිරීමට සාදා ඇත

 
එක් ක්ලික් කිරීමකින් Gmail ඡායාරූප ඇමුණුම drive වෙත සුරැකෙමින් තිබේ

Gmail හි ඇති ඇමුණුමක් උඩින් තබා ගෙන Drive ලාංඡනය සඳහා බලන්න. සංවිධානය කර එකම ආරක්ෂිත ස්ථානයක සිට බෙදා ගැනීමට, මෙහිදී ඔබට ඔබගේ Drive වෙත ඕනෑම ඇමුණුමක් සුරැකිය හැකිය.

එක් ක්ලික් කිරීමකින් Gmail ඡායාරූප ඇමුණුම drive වෙත සුරැකෙමින් තිබේ

Drive හට ඔබගේ රූපවල වස්තු සහ ස්කෑන් කළ ලේඛනවල පෙළ හඳුනා ගත හැකිය. එනිසා ඔබට “අයිෆල් කුළුන” වැනි වචනයක් සොයා, එම වචනය සහිත පෙළ ලේඛන මෙන්ම, සත්‍ය අයිෆල් කුළුනේ රූප ලබා ගත හැකිය.

Google Drive මත ගබඩා කළ සහ Google+ මත බෙදා ගත් ඔරිගන් වෙරළේ ඡායාරූපය

ඔබගේ ඡායාරූප Drive තුළ ගබඩා කර, ඒවාට Google ඡායාරූප සමගින් ජීවය ලැබෙන ආකාරය බලන්න. එම ප්‍රවීණ ලෙස සංස්කරණය කළ පෙනුම, ආයාසයකින් තොරව, සජීවීකරණ, චිත්‍රපට සහ තවත් දේ සහිතව ලබා ගන්න.

Chromebook මත Google Drive දත්ත

Chrombeooks සඳහා Google Drive ආවේණික වේ, එනිසා ඔබගේ ගොනු සහ ඡායාරූප ස්වයංක්‍රියව උපස්ථ කෙරේ. ඔබට නවතම Chromebooks සමගින්, වසර දෙකක් සඳහා 100GB ගාස්තු රහිත ගබඩාවක් ලැබෙනු ඇත.

 

යෙදුම් සමගින් දැකුම්කලුව වැඩ කරන්න

 

සාදන්න සහ අන්‍යයන් සමග සහයෝගයෙන් කටයුතු කරන්න. අපගේ Docs, Sheets සහ Slides යෙදුම් සමගින් ක්‍රියාවලිය අතරතුර ලේඛන සහ ගොනු බෙදා ගන්න, පැතුරුම්පත් ගොඩනගන්න, එමෙන්ම ඉදිරිපත් කිරීම් සාදන්න.

බෙදා ගැනීම සඳහා Google Drive Docs, Sheets, සහ Slides ලබා ගත හැකිය

Google Forms ඔබට සරල සබැඳි පෝරමයක් සමගින් සමීක්ෂණයක් සිදු කිරීමට හෝ ඉක්මනින් කණ්ඩායම් වැඩ වාර සටහනක් සෑදීමට ඉඩ දෙයි. අනතුරුව පැතුරුම්පතක මනාව සංවිධිතව ඇති, ප්‍රතිඵල පරීක්ෂා කරන්න.

Google Drive උදාහරණයේ Google Forms

පිරිසැලසුම් රූප සටහන්, ගැලීම් සටහන් සාදන්න, අනතුරුව ඒවා පසුවෙන් වෙනත් ලේඛනවලට එක් කරන්න නැතහොත් Google Drawings සමඟ ඒවා වෙබ් අඩවියකට කාවද්දන්න.

Google Drawings නිරූපකය

ඔබේ පැතිකඩ ඡායාරූපය සංස්කරණය කරන්න, යම් භූ අලංකරණ සිදු කරන්න, තොරතුරු දෘශ්‍ය ලෙස සංවිධානය කිරීමේ සැලසුමක් සෑදීම සහ තවත් දේවල් කරන්න. Drive යෙදුම්වලට ඔබට ඔබගේ දේවල් සමගින් බොහෝ දේ කිරීමට උදවු කළ හැකිය. Chrome Web Store තුළ Drive එකතුව වෙතින් එකක් ස්ථාපනය කිරීමෙන් ඒවා උත්සාහ කරන්න.

Google Drive යෙදුම් 100 කට වඩා ලබා ගත හැකිය

තවත් එහාට Drive ගෙන යන්න

 
Android දුරකථනයකින් ඡායාරූපයක් ගැනීම මගින් Drive වෙත docs සුරැකීමේ උදාහරණය

Android සඳහා Drive සමගින් ඔබගේ පත්‍ර ලේඛන සියල්ල ස්කෑන් කරන්න. රිසිට් පත්, ලිපි සහ ප්‍රකාශ වැනි ලේඛනවල ඡායාරූපයක් ගන්න – එවිට Drive ඒවා ඉක්මනින් PDF ලෙස ගබඩා කරනු ඇත.

Google Drive නොබැඳි හෝ සබැඳි මාරුව

ගොනු නොබැඳිව ලබාගත හැකි වන ලෙස සාදන්න, එවිට ඔබට, ගුවන් යානයකදී හෝ සම්බන්ධතාවය නොමැති ගොඩනැගිල්ලකදී ඔබගේ දුරකථනයට හෝ ටැබ්ලටයට සම්බන්ධතාවය නොමැති වී ගිය විට, ඒවා බැලිය හැකියි.

Google Drive ගොනු සංශෝධන ඉතිහාස උදාහරණය

වෙනස් කිරීම් සිදු කර ඇති අය බැලීම සහ පෙර අනුවාදවලට යාම පහසු කරමින්, ඔබට බොහෝ ගොනු වර්ගවල දින 30ක් දක්වා ආපස්සට බැලිය හැකිය. එය ගොනු අනුවාදකරණය පහසු කිරීමකි.